Pages

Tuesday, December 7, 2010

අපේ මතකය...

පෙර පරිදිම මගේ සිතේ
නුඹේ සෙවනැලි ඇඳේවි....

අකුරැ කෙරැව පද වැල මත
අපෙ මතකය දඟ කරාවි....

හිතට තනි කමක් දැනේවි
දුර ආ බව සිත කියාවි....


එපා නෙතට කඳුලු ගන්න
දිවියේ හීන මග ඇරේවි...

යන්නට මග බොහෝ දුරයි
හයිය ගනින් එය කියාවි....

තවත් දිනෙක නිමාවකින්
අරැණලු මග දොරට ඒවි...

                                    - චිකා-

No comments:

Post a Comment

Dark Red Glow Cursors